සුබසාධන ප්‍රතිලාභ සඳහා මාර්තු 31ට පෙර ලියාපදිංචි වන ලෙස ජනතාවට දැනුම් දෙයි!

සුබසාධන ප්‍රතිලාභ සඳහා මාර්තු 31ට පෙර ලියාපදිංචි වන ලෙස ජනතාවට දැනුම් දෙයි!

සුබසාධන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් හඳුනාගැනීමේ දත්ත සමීක්ෂණය 2023 මාර්තු 31 දිනෙන් අවසන් වන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසන පරිදි, නියමිත දිනට පෙර දත්ත ලබා දීමට අපොහොසත් වීමෙන් ප්‍රතිලාභ අහිමි විය හැකි බවට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය අනතුරු අඟවා තිබේ.

ක්ෂේත්‍ර නිලධාරීන් වෙත නිවැරදි හා කාලෝචිත දත්ත ලබා දෙන ලෙස සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය අයදුම්කරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මේ අතර, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මඟින් ලබා දෙන සමෘද්ධි ඇතුළු සුබසාධන ප්‍රතිලාභ 52 සඳහා 2023 මාර්තු 31 වැනිදාට පෙර ලියාපදිංචි වන ලෙස මුදල් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එම කාලසීමාවට පෙර ලියාපදිංචිය අවසන් නොකළහොත් මෙම වැඩසටහන සඳහා ලෝක බැංකුවේ ආධාර නොලැබීමේ අවදානමක් පවතින අතර එමඟින් සුබසාධන ප්‍රතිලාභීන් සඳහා ප්‍රතිලාභ අත්හිටුවීමේ අවදානමක් පවතින බව මුදල් අමාත්‍යාංශය අනතුරු ඇඟවීය.

මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයට අනුව මිලියන 3.7 ක ජනතාවක් ඔන්ලයින් ක්‍රමය හරහා ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කර ඇත.

Share this: