මෙම වසරේ ජුනි මාසයේ සිට සුදුසුකම් ලත් පුද්ගලයන් සඳහා සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් සිදු කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
එහි සභාපති බී.විජයරත්න මහතා සඳහන් කළේ, මේ වන විට නිවාස ලක්ෂ 32කට ආසන්න සංඛ්‍යාවකගේ අයදුම්පත් සත්‍යාපනය කර ඇති බවයි.
මේ අතර, සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් හඳුනාගැනීමේ අරමුණින් සිදුකළ තොරතුරු සමීක්ෂණය අප්‍රේල් 10 වැනිදායින් අවසන් විය. සංගණන කටයුතු මාර්තු 31 වන විට අවසන් කිරීමට මුලින් සැලසුම් කර තිබුණද පසුව එම කාලය දින 10කින් දීර්ඝ කරන ලදී.
Share this: