සුනාමි පද්ධතියේ සේවාව,  ශ්‍රී ලංකාවටත්

සුනාමි පද්ධතියේ සේවාව, ශ්‍රී ලංකාවටත්

කාලගුණ වෙනස් වීමේ අවදානම දැනගැනීම පිණිස ඉන්දියාව තුළ ස්ථාපිත කර ඇති පූර්ව සුනාමි ඇඟවිමේ පද්ධතියේ සේවාවන් ශ්‍රී ලංකාව දක්වා පුළුල් කිරිමට ඉන්දියාව තීරණය කර තිබේ.

ඉන්දිය අමාත්‍ය හර්ෂ් වර්ධන් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන් කර අතේ, කලාපිය බහු උපද්‍රව පිළිබඳ අනතුරු ඇඟවිමේ පද්ධති සම්බන්ධයෙන් වූ ආසියා අප්‍රිකා කලාපීය ඇමතිවරුන්ගේ සමුළුවට එක්වෙමිනි.

තවද, නවදිල්ලීයේදී පැවැති අදාළ සමුළුවට ශ්‍රී ලංකාව, පකිස්ථානය, මාලදිවයින, සීෂෙල්ස් ඇතුළු රටවල් 23 ක අමාත්‍යවරුන් සහභාගි වී තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉන්දිය අමාත්‍ය හර්ෂ් වර්ධන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ සාගර තොරතුරු සේවා සහ සුනාමි අනතුරු ඇඟවිමේ සේවා මුහුදු බඩ රටවල් සඳහා ව්‍යප්ත කළ යුතු බවයි.

ශ්‍රී ලංකාවට අමතරව සීෂෙල්ස් රාජ්‍යයට ද සුනාමි අනතුරු ඇඟවිමේ සේවාව ව්‍යාප්ති කිරිමට පියවර ගන්නා බව ඉන්දිය අමාත්‍යවරයා පවසා තිබේ.

Share this: