සුනඛයෙකුට කොරෝනා රෝග ලක්ෂණ පහළ වෙයි

සුනඛයෙකුට කොරෝනා රෝග ලක්ෂණ පහළ වෙයි

කොරෝනා අවදානම් කලාපයක් වන ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ සුනඛයෙකුට කොරෝනා සැක සහිත රෝග ලක්ෂණ පහළවීම නිසා එම සුනඛයා PCR පරීක්ෂණයකට යොමු කර තිබෙන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය සඳහන් කර තිබුණා.

මෙම සුනඛයා ප්‍රදේශයේ දඩාවතේ ගිය සුනඛයෙකු බවත් මෙම සුනඛයාට අධික කැස්ස සහ සැකකටයුතු රෝග ලක්ෂණ කිහිපයක් පහළවී තිබෙන නිසා ඔහුට කොරෝනා ආසාදනය වී ඇත්දැයි සැකයක් මතුවී තිබෙන බවයි වාර්තා වී තිබුනේ.

බස්නාහිර පළාත් සත්ව නිෂ්පාදන හා පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ.කේ.සරත් මහතාත් මේ බව තහවුරු කළා.

කෙසේ වෙතත් පශුවෛද්‍යවරුන් සඳහන් කරන්නේ සතුන්ගෙන් මිනිස්සුන්ට කොරෝනා ආසාදනය වන බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි

Share this: