සුනඛයන් පැටවුන් යටකර පළාගිය කාන්තාවට අත්වුණ ඉරණම!

සුනඛයන් පැටවුන් යටකර පළාගිය කාන්තාවට අත්වුණ ඉරණම!

බලු පැටවුන් දෙදෙනෙකු මතින් යන මෝටර් රථයක සීසීටීවී දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු විය.

සිද්ධිය සම්බන්ධයෙන් සත්ව කණ්ඩායම් කිහිපයකින් ලැබුණු පැමිණිලි මත මතුර පොලිසිය අදාළ මෝටර් රථය පැදවූ බව කියන කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ.

සැකකාර කාන්තාව අධිකරණයේදී වරද පිළිගෙන ඇති අතර, නඩුව ජුනි මස 1 වැනිදා යළි අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මතුරට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share this: