සුදේවගේ හා රංගනගේ තට්ටු මාරුව..

සුදේවගේ හා රංගනගේ තට්ටු මාරුව..

වසර 22 ක් තිස්සේ ඒබීසී මාධ්‍ය ජාලයේ සේවය කළ සුදේව හෙට්ටිආරච්චි සහ TNL එකෙන් එලවූ පසු හිරු ටීවී සමග එක් වූ රංගන ද සිල්වා අද (28) උදෑසන සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බවට වාර්තාවේ.

හිරු නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි EAP සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු ලෙස වැඩ භාර ගැනීමට නියමිත බවට වාර්තාවේ.

හිරු නාලිකාවේ විශේෂ වැඩසටහන් නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් කටයුතු කිරීමට නියමිතය.

මීට ටික කලකට ඉහත පාඩු ලැබූ ආයතනයක් වූ ඊඒපී මාධ්‍ය සමූහය පසුගියදා බෙන් හෝල්ඩින්ග්ස් යටතේ විදේශ අයිතිකරුවෙකුට විකිණීමේ ගණුදෙනුව සම්බන්දයේන් පසු ගිය කාලයේ නොයෙකුත් කථා පැතිර ගියේ කොටි සංවිධානයට සම්බන්ද පුද්ගලයින් මෙම ගනුදෙනුව සදහා මුදල් ආයෝජනය කර ඇති බවයී.

රට, ජාතිය, ආගම ගැන උදේ ඉදන් රෑ වෙනකල් කෑ ගැසූ සුදේව සහ රංගන මෙම කළමනාකාරීත්වය යටතේ කෙසේ හැසිරේවී දැයි ඉදිරියේදී අපට බලාගහ හැක.

Share this: