සුදු හඳුන් ජාවාරම අසුවේ

සුදු හඳුන් ජාවාරම අසුවේ

කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් නීති විරෝධි අයුරින් මෙරටින් සුදු හඳුන් රැගෙන යාමට උත්සහ කළ විදේශීය ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

තවද ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 183 දරණ ගුවන් යානයෙන් අද පස්වරු 1.00ට පමණ පාකිස්ථානයේ කරච්චි නුවර බලා යාමට පැමිණ ඇති බව සදහන් වෙයි.

ඔවුන්ගේ ගමන්මළු පරික්ෂාවට ලක්කිරීමේදී එහි බුලත් කොල තුළ සඟවා තිබු ‍මෙම සුදු හඳුන් තොගය සොයා ගැනිමට ගුවන්තොටුපල රේගුවට හැකිවි තිබේ.

ගුවන්තොටුපල රේගුව සඳහන් කළේ, සුදු හඳුන් කිලෝ ග්‍රෑම් 176 යි ග්‍රෑම් 400ක ප්‍රමාණයක් මෙලෙස සොයාගෙන ඇති අතර එහි වටිනාමක රුපියල් තුන් ලක්ෂ 84,800 වන බවයි.

ඒ අනුව පාකිස්ථාන ජාතිකයින් පස් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ශ්‍රී ලංකා රේගුව බාරයේ රඳවාගෙන වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Share this: