සුදු වෑන් පිලිබද ඔනැම තොරතුරු පොලිසියට ලබා දිය හැකියි

සුදු වෑන් පිලිබද ඔනැම තොරතුරු පොලිසියට ලබා දිය හැකියි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසුවේ, ‘සුදු වෑන්‘ සම්බන්ධයෙන් තොරතුරු දන්නා ඕනෑම පුද්ගලයෙකුට ඒ පිළිබඳ පොලිසිය වෙත ප්‍රකාශ ලබාදිය හැකි බවත්, එA ඔනැම තොරතුරක් පොලිසිය බාරගැනීමට සුදනම් බවත්ය.

තවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එලෙස පැමිණිළි කළ පසු, එම ප්‍රකාශ පිළිබඳ විමර්ශන කඩිනමින් සිදු කරන බවයි.

‘සුදු වෑන් සංස්කෘතියට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් සිදු කරන්නේ නම් ඊට සාක්ෂි ලබාදීමට තමන් සූදානම්‘බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා ඊයේ(26) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරුණු විමසීය.

ඊට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මහතා මේ බව සඳහන් කළේය.

එA මහතා වැඩිදුරටත් කියා සිටියේ සුදු වෑන් සංස්කෘතිය හේතුවෙන් අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශන කටයුතු පොලිසිය විසින් මේ වනවිටත් සිදු කරමින් පවතින බවයි.

එහෙත් යම් අයෙකු මාධ්‍යට ප්‍රකාශයක් සිදු කළ පමණින් ඒ පිළිබඳ විමර්ශන පැවැත්විය නොහැකි බවත්, එවැනි තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය.

Share this: