“සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉදිරි දින කිහිපය තුළ ඉවත් කරනවා” – අලි සබ්රි

“සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉදිරි දින කිහිපය තුළ ඉවත් කරනවා” – අලි සබ්රි

සුඩානයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් ඉවත් කිරීමට අමාත්‍යාංශය ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහතික කර තිබේ.

මේ අනුව, දැනට සුඩානයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින් ඉදිරි දින කිහිපය තුළ ඉවත් කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

ට්විටර් වෙත පණිවිඩයක් තබමින් සබ්රි මේ සම්බන්ධයෙන් ඉන්දියාව ලබා දුන් සහයෝගය ද අගය කළේය.

Share this: