සුඩානයේ ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීමේ මෙහෙයුම

සුඩානයේ ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීමේ මෙහෙයුම

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් සුඩාන ජනරජයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට පෝට් සුඩාන් නගරයේ සෞදි අරාබියේ තාවකාලික රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.

ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් සුඩානයේ අතරමංව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට පහසුකම් සැලසීමට සෞදි අරාබිය තීරණය කළේ ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

මේ අනුව, සුඩානයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට ඉවත් කිරීමේ ක්‍රියාවලිය සංවිධානය කර ගැනීම සඳහා පෝට් සුඩානයේ අල් රබ්වා හෝටලයට පැමිණෙන ලෙස හෝ දුරකථනයෙන් සම්බන්ධ වන ලෙස දැනුම් දී ඇත.

Share this: