සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියට නිදහස.

සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියට නිදහස.

සීගිරිය කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑමේ වරදට චෝදනා ලැබ දඹුල්ල අධිකරණය මගින් සිර දඬුවම් ලබා සිටින එරාවුර්පත්තු ප‍්‍රදේශයේ පදිංචි උදය ශ‍්‍රී තරුණියට පොදු සමාවක් ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍ය අාචාර්ය විජේදාස රාජපක්ෂ මහතා කල ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අැයට සමාව ලබා දී නිදහස් කොට අැති බව සැළලිහිණියට වාර්තා වේ.

පසුගිය පෙබරවාරි 14 වැනිදා කැටපත් පවුරේ කුරුටු ගෑ උදය ශ‍්‍රී නමැත්තිය එ් වනවිට වසර 02ක සිරදඬුවමක් ලබා සිටියේය.
ඇයගේ මවගේ දුක්ගැනවිල්ල සහ දිවයිනේ විවිධ විද්වතුන් විසින් කළ අභියාචනාද මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

ඇය පදිංචි එරාවුර්පත්තු ප‍්‍රාදේශීය ලේකම්වරයාගෙන් මේ පිළිබඳ වාර්තාවක් කැඳවීමෙන් පසු ඇයගේ පවුල් පසුබිම සහ මෙම සිද්ධියෙන් මවට ඇතිවූ කම්පනය පිළිබඳ දැනගන්නට ලැබී ඇති බවත්, ඇයගේ නොදැනුවත්භාවයන් මෙය සිදුවී ඇති බැවින් ඇයට මෙසේ සමාව ලබා දීමට කටයුතු කල බව අධිකරණ අමාත්‍ය අාචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

Share this: