සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරුන් තිදෙනෙකු අත්අඩංගුවට

සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරුන් තිදෙනෙකු අත්අඩංගුවට

මහඔය ප්‍රදේශයේ පාසලක සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම විද්‍යාලයේ 19 හැවිරිදි සිසුවෙකුට පහර දුන් බව කියන වයස අවුරුදු 34, 37 සහ 43 යන වයස්වල පසුවන ගුරුවරුන් තිදෙනෙකු මහඔය පොලිසිය විසින් අප්‍රේල් 20 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

පහරදීමෙන් පසු තම දරුවා මායාඔය මූලික රෝහලට ඇතුළත් කළ බව පවසමින් පහරකෑමට ලක්වූ සිසුවාගේ මව මහඔය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ආරම්භ කළ විමර්ශනයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් තිදෙනා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share this: