සිසුවියගේ මරණයට රියදුරුට සිරදඬුවම්

සිසුවියගේ මරණයට රියදුරුට සිරදඬුවම්

නොසැලික්ලිමත් අයුරින් රිය පැදවීම නිසා පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයෙකුට වසර 10 ක අත්හිටවූ සිරදඬුවමක් නියම කර තිබේ.

උතුරුමැද පළාත් බාර මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

රුපියල් එක්ලක්ෂ 50,000ක වන්දි මුදලක් පැමිණිලිකාර පාර්ශවයට ලබාදෙන ලෙසට ද විත්තිකරුට නියෝග කර ඇති බව සඳහන්ය.

මීට අමතරව, විත්තිකරුගේ රියදුරු බලපත්‍රය ස්ථිරවම තහනම් කිරීමට ද විනිසුරුවරයා නියෝග කර ඇත.

2009 වසරේ ජුනි මස යම් දිනයකදී අනුරාධපුර, බුලකුළම ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී අයුරින් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබුණි.

Share this: