සිසුවා ගෙල වැලලාගෙන මිය යයි

සිසුවා ගෙල වැලලාගෙන මිය යයි

වයස අවුරුදු 13ක් වු පාසල් ශිෂ්‍යයෙකු සියදිවි හානිකර ගෙන තිබේ.

මොහු අක්කරෙයිපත්තුව, පාලමුන ප්‍රදේශයේ, සිය සහෝදරියගේ නිවසේ කාමරයක් තුළ ගෙල වැලලාගෙන ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ පාලමුන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු සිය පියා සමඟ ඇතිකරගත් අමනාපයක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

මේ වනවිට මෘත ශරීරය අක්කරෙයිපත්තුව රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද දින පැවැත්වීමට නියමිත අතර, අක්කරෙයිපත්තුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි

Share this: