සිවිල් ගුවන්සේවා නියාමන කටයුතු බාර ආයතනය වන සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහා අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ඇත.
මෙම පත්කිරීම සිදුකර ඇත්තේ, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා විසින් බව වාර්තාවෙයි.
නව සභාපතිවරයා ලෙස හිටපු නීතිපතිවරයෙකු මෙන්ම ජනාධිපති නිතිඥ ෂිබ්ලි අසීස් මහතා පත්ව ඇත.
එයාර් ලංකා ගුවන් සේවයේ හා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නීති උපදේශක වරයා ලෙසත්, 2002 වර්ෂයේ සිවිල් ගුවන් සේවා දෙපාර්තුමේන්තුව අධිකාරියක් බවට පත් වන අවධියේ ආරම්භක සභාපතිවරයා ලෙසත්, ඒ මහතා කටයුතු කර තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී එච්.එම්.සී නිමල්සිරි මහතා ,ආරක්ෂක අමාත්‍යාශයේ ලේකම් ඩී.එම.යු.බී බස්නායක මහතා, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්.අනුලා හරස්ගම මහත්මිය නිල බලයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්ව ඇත.
ඒ අනුව, ආචාර්ය ලලිත් ප්‍රසන්න පෙරේරා මහතා නව උප සභාපතිවරයා ලෙසද, පසන් මාදව එදුසුරිය මහතා හා කේ.පී.ඒ.තිස්ස සිල්වා මහතා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් ලෙස පත්ව ඇත.