‘සිලෝන් ටී’ ලේබලයත් හොරට ගහලා; කසළ තේ කිලෝ 7500 ක් ගෙනගිය කන්ටේනරය අත්අඩංගුවට

‘සිලෝන් ටී’ ලේබලයත් හොරට ගහලා; කසළ තේ කිලෝ 7500 ක් ගෙනගිය කන්ටේනරය අත්අඩංගුවට

උඩුනුවර වෙළම්බොඩ සිට කොළඹට ප‍්‍රවාහනය කරමින් තිබූ කසළ තේ කොළ කිලෝ 7500 ක් සමග එක් සැකකරුවෙකු ගම්පොළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (6 දා දවුලගල ගඩලාදෙනිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සිලෝ ටී නාමය යටතේ තේ මණ්ඩල ප‍්‍රමිති සහතිකය අඩංගු බෑග්වල අසුරා මෙම කසළ තේ ප‍්‍රවාහනය කරමින් තිබී ඇත්තේ කන්ටේනර් රථයකය. බුද්ධ තොරතුරු අනුව මග රැකවල්ලා සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීන් පසුගිය

(03 දා අළුයම 3 ට පමණ මෙම කන්ටේනර් රථය අත්අඩංගුවට ගෙන ඇත.

මෙරට වැඩිම කසළ තේ සකස් කරන ස්ථාන ඇත්තේ උඩුනුවර ප‍්‍රදේශයේ වන අතර ඔවුන් විසින් ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරන මෙම කසළ තේ නිසා මෙරට තේ කර්මාන්තය ජාත්‍යන්තරව විශාල පසුබෑමකට ලක්ව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු බූවැලිකඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සමග කසළ තේ කන්ටේනරය දවුලගල පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන තිබේ. මේ සියල්ල ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්, කලාප අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී එච්. යූ. පියනන්ද යන නිලධාරීන්ගේ උපදෙස් මත ගම්පොළ විශේෂ කාර්ය බළකා කඳවුරේ පො. ප. ධනුෂ්ක රත්නායක, උ. පො. ප. සුභසිංහ, පො. කො. (7708 අතුරලිය (92193 හේරත් (13542 හේෂාන් යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

Share this: