සිරකරුවන්ට වැටුප් සහිත විදෙස් රැකියාවක්

සිරකරුවන්ට වැටුප් සහිත විදෙස් රැකියාවක්

සිරගෙදර රැඳවියන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වමින් ඔවුන්ට විදෙස් භාෂාවක් ද ඉගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා රැඳවියන් 5000ක් සහභාගී කරවා ගැනීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය හරහා ඩොලර් මිලියන 300ක විදේශ විනිමයක් මෙරටට ලබාගැනීමට ද අපේක්ෂිතයි.

පුහුණුවෙන් අනතුරුව ඔවුන් නිදහස් වීමෙන් පසු විදෙස් රැකියා ලබාදීමට ද නියමිත අතර එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 450ක අවම වැටුපක් එහිදී ලබාගත හැකී.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරන්නේ සමස්ත නීති පද්ධතිය පිළිබඳවම අවධානය යොමු කොට බන්ධනාගාර රැඳවියන්ගේ ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කළ යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා

“බන්ධනාගාර රැඳවියන් සමාජයෙන් කොන් නොකර නිසි ලෙස සමාජගත කිරීමට කටයුතු කළ යුතුයි. එසේම බන්ධනාගාර සිරකරුවන් නැවත බන්ධනාගාරයට පැමිණීම කොහොමද වළක්වා ගන්නේ කියලා කාරණයට අවධානය යොමු කළ යුතු වෙනවා. බන්ධනාගාරවල රැඳවියන්ගේ ප්‍රමාණය වැඩි වුණේ හෙරොයින් ප්‍රශ්නය මත.

හෙරොයින්, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලංකාවේ නීතිය තද වුණත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. එක්කෙනෙකුටවත් මරණ දඬුවම දෙන්න. නීතිය ශක්තිමත් නැහැ.

මත්ද්‍රව්‍ය වැඩිවීමට එක සාධකයක් තමයි නීතිය තිබුණත් නීතිය ක්‍රියාත්මක කරන්න මැලි වීම.

අපේ නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී ගැටලුවක් තියෙනවා. උදාහරණයක් ලෙස හෙරොයින් පාවිච්චියට ගත්තත් අපි නඩු දාන්නේ එවා වෙළෙඳාමේ යෙදුණා කියලා. එතකොට ලැබෙන්නේ මරණ දඬුවම. ඒ නිසා ඇප දෙන්න බැහැ.

සමස්ත නීති පද්ධතිය පිළිබඳවම අවධානය යොමු කරලා මේ රැඳවියන්ගේ ප්‍රමාණය අඩු කළ යුතුයි.

බන්ධනාගාරවල සේරම වියදමට දීලා තිබ්බේ මිලියන 50යි. කොහොමද මිලියන 50ක ව්‍යාපෘතියක් කරන්නේ.

බන්ධනාගාරවල කැසිකිළි වැසිකිළි ඉතාමත් අපිරිසුදු තත්ත්වයක තියෙන්නේ.”

Share this: