සියලූ රාජ්‍ය සේවකයින්ට රජෙක් ලෙස විශ්‍රාම යාහැකි – ඇමති අලුවිහාරේ පහදයි

සියලූ රාජ්‍ය සේවකයින්ට රජෙක් ලෙස විශ්‍රාම යාහැකි – ඇමති අලුවිහාරේ පහදයි

සියලූම රාජ්‍ය සේවකයින්ට තමන්ගෙ සේවය නිසි ලෙස ඉටු කිරීමෙන් පසුව රජෙක් ලෙස විශ්‍රාම යා හැකි බව නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ වත්මන් රජයේ දින 100 වැඩසටහන පිළිබදව යටවත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යලයේදි පැවති සමෘද්ධි සංවර්ධන හා දිවි නැගුම නිලධාරින් දැනුවත් කිරිමේ රැස්විමකට එක්වෙමිනි.

වත්මන් රජයේ දින සියයේ වැඩසහන පිළිබදව අප මාතලේ දිස්ත්‍රික්කය පුරාම රජයේ නිලධාරින් දැනුවත් කිරිමට පියවර ගෙන තියෙනවා.මේ ජාතික ආණ්ඩුවක් යටතේ පවතින තත්වයක් තුළ රට සංවර්ධනය කරා රැගෙන යාමට සියලු දෙනා එකාවන්ව පෙළ ගැසිය යුතුයි.එසේ නොමැති වුවහොත් නැවත මේ රට සංවර්ධනය කිරිමට අවස්ථාවක් එන එකක් නැහැ.

පසුගිය රජය කාලයේ සමෘද්ධි නිලධාරින් විසින් ඇතැම් දේශපාලනඥයින්ගේ අණට කිකරු වෙලා වැඩ කළා.අපි දේශපාලන වශයෙන් පලිගැනිම් කරන්නේ නැහැ.
පෞද්ගලික න්‍යාය පත්‍රයන් පසෙක ලා අපි පොදු න්‍යාය පත්‍රයක් යටතේ මේ දේවල් සිදු කළ යුතුයි.
ස්ථාන මාරුවිම් ආදිය සිදු කරන්නේ නැහැ. නමුත් ඒ නිලධාරින් දිහා පාක්ෂිකයින් බලන්නේ වැරදි ආකාරයටයි. ඒ දේවල් නැවැත්විය යුතුයි.

මේම දිවිනැගම දෙපාර්තමෙන්තුව බාරව කටයුතු කළ අමාත්‍යවරයා අද රටෙත් නැහැ. ඒවාට වන්දි ගෙවන්න සිදු වෙලා තියෙන්නේ. අමාත්‍යංශවල හා දෙපාර්තමෙන්තුවල සේවය කළ නිලධාරින්ට. අපි කවදාවත් වැරදි වැඩ කරන්න නිලධාරින්ට ඉඩ දෙන්නේ නැහැ.රජයේ නිලධාරින් දේශාපාලනඥයින්ට නිවැරදි දේ පිළිබදව අවබෝධය ලබා දිය යුතුයි. ඒසේ නොවුනහොත් ඒ පිළිබදව මහජනයාට නිසිල ලෙස වැඩක් වෙන්නේ නැහැ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්වෙලා මේ රට සංවර්ධනය කරා රැගෙන යන්න වැඩ කරන විට ඒ ආදර්ශය රැගෙන ගමේ ඉන්න පිරිස්ද එකතුවෙලා වැඩ කරන්න ඕන.

දින සියය අවසන් වුණු වහාම මහ මැතිවරණයකට යනවා.එයිනුත් ජයග්‍රහණය කරලා මේ රටේ අගමැති වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි.පසුගිය කාලයේ සිදු වුනු මහා පරිමාණයේ වංචාවන් හා දුෂණයක් පිළිබදව සොයා බැලිම් සිදු කරන්න අපි නිරතුරුව කටයුතු කරනවා ලයැයිද අලුවිහාරේ මහතා පැවසිය.

Share this: