ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් සැවැත් නුවර ෙජ්තවනාරාමයේ දී සියලූ ආශ්‍රවයන් පිළිබඳවත් ආශ්‍රවයන් දුරුකිරීම පිළිබඳවත් විග්‍රහ කරමින් දෙසූ සූත්‍ර දේශනාවක් මජ්¯ම නිකායේ මූල පණ්ණාසකයේ ඇතුළත් වේ. එය සබ්බාසව සූත්‍රය යි. සබ්බාසව සූත්‍රයෙන්, ආශ්‍රවයෝ යනු කවරහුද? සහ ඒවා දුරු කළ හැක්කේ කෙසේද යන්න, බුදුන් වහන්සේ සත්වයන්ගේ හිත සුව පිණිස ලෝකයට පෙන්වා වදාළ සේක. ආශ්‍රවයන් පිළිබඳවත් ආශ්‍රවයන්ගේ දුරු කිරීම පිළිබඳවත් විස්තර කිරීමට පෙර ආශ්‍රව දුරු කළ හැක්කේ කාහට දැයි සැක හැර පැහැදිලි කර ගත යුතු ය.
ආශ්‍රවයන් පිළිබඳ දන්නා කෙනාටත්, ඒ පිළිබඳ ගැඹුරින් දකින කෙනාටත් ආශ්‍රවක්ෂය වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. දන්න කෙනාත්, දකින කෙනාත් යනු කවුද? යෝනිසෝ මනසිකාරයත්, අයෝනිසෝ මනසිකාරයත් පැහැදිලිව හඳුණන කෙනා දන්න කෙනා සහ දකින කෙනා වෙයි. යමක් මෙනෙහි කිරීමේ දී නූපන් දිට්ඨි ආශ්‍රව, කාම ආශ්‍රව, භව ආශ්‍රව හා අවිජ්ජා ආශ්‍රව නූපදී නම්, උපන්නා වූ දිට්ඨි ආශ්‍රව, කාම ආශ්‍රව, භව ආශ්‍රව හා අවිජ්ජා ආශ්‍රව දුරු කෙරේ නම් එය බුදුන් වහන්සේ වදාළ යෝනිසෝ මනසිකාරය වේ. අයෝනිසෝ මනසිකාරය යනු ඉහත කී කාරණයේ විරුද්ධ පැත්තයි. එනම්, යමක් මෙනෙහි කිරීමේ දී නූපන්නාවූ දිට්ඨි ආශ්‍රව, කාම ආශ්‍රව, භව ආශ්‍රව හා අවිජ්ජා ආශ්‍රව උපදීනම්, උපන්නාවූ දිට්ඨි ආශ්‍රව, කාම ආශ්‍රව, භව ආශ්‍රව හා අවිජ්ජා ආශ්‍රව වර්ධනය වේ නම් එය බුදුන් වහන්සේ පෙන්වා වදාළ අයෝනිසෝ මනසිකාරය වේ.
ඉහත සඳහන් කළ පරිදි ආශ්‍රව වර්ග හතරක් පිළිබඳව සබ්බාසව සූත්‍රයේ සඳහන් වේ. එනම්, දිට්ඨි ආශ්‍රව, කාම ආශ්‍රව, භව ආශ්‍රව හා අවිජ්ජා ආශ්‍රව යි. මින් දිට්ඨි ආශ්‍රව පමණක් සෝවාන් මාර්ග ඵල ලැබීමෙන් සම්පූර්ණයෙන් ම ප්‍රහාණය වේ. එසේනම් ඉහත කී ආශ්‍රව දුරු කළ හැක්කේ කෙසේද? ආශ්‍රවයන් ප්‍රහාණය කළ හැකි ආකාර හතක් සබ්බාසව සූත්‍රයේ විස්තර කෙරේ. ඇතැම් ආශ්‍රව දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ය. ඒ සඳහා සත් පුරුෂ ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයත් අත්‍යාවශ්‍ය වේ. තවත් කොටසක් සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ය. ඒ සඳහා ෂඩ් ආයතනයන්හි මනා සංවරය අවශ්‍ය වේ. ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ ද වෙති. භාවිතයේ දී සිහි නුවණින් සලකා එවැනි ආශ්‍රව ප්‍රහාණය කළ යුතු ය. තවත් වර්ගයක් වීර්යෙන් යුතුව මනා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ය. අනෙක්වා පරිවර්ජනයෙන් හෙවත් මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ය. එනම් ඒවා සිහි නුවණින් යුතුව මග හැරීම අවශ්‍ය වේ. සමථ විදර්ශනාදී භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්මයෝ ද වෙති. අනෙක්වා දැඩි වීර්යක් යොදා ඉතිරි නැතිව දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ය.
දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ වෙති. ඒ සඳහා සත් පුරුෂ ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයත් අවශ්‍ය වේ. බුද්ධාදී ආර්යන් වහන්සේලා නොදක්නා වූ, ආර්ය ධර්මයෙහි අදක්ෂ වූ, ආර්ය ධර්මයෙහි නොහික්මුණා වූ, බුද්ධාදී සත්පුරුෂයන් නොදන්නා වූ, නොදක්නා වූ, සත්පුරුෂ ධර්මයේ අදක්ෂ, අන්ධ බාල පෘථග්ජන පුද්ගලයා මෙනෙහි කළ යුත්ත කුමක්ද, මෙනෙහි නොකළ යුත්ත කුමක්දැයි නොදනී. එවැන්නවුන් මිත්‍යා දෘෂ්ඨීන්ට ඉතා පහසුවෙන් ගොදුරු වේ. එවැනි අන්ධ බාල පෘථග්ජනයන් සිහි නොකළ යුත්ත සිහි කරයි. සිහි කළ යුත්ත සිහි නොකරයි. එයින් ඇතිවන අයෝනිසෝ මනසිකාරය නිසා ආශ්‍රව ඉපිද වර්ධනය වීමට පටන් ගනී. ආර්ය ගුණ සහ සත්පුරුෂ ගුණ හඳුණන, ධර්මයෙහි හික්මෙන, ආර්ය ශ්‍රාවක තෙමේ යෝනිසෝ මනසිකාරයෙහි යෙදීමෙන් නූපන් ආශ්‍රව නූපදවා ගනී, උපන් ආශ්‍රව දුරු කර ගනී.
ෂඩ් ආයතනයන්හි මනා සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ ද වෙති. ආර්ය ශ්‍රාවක තෙමේ යෝනිසෝ මනසිකාරයෙහි යෙදී නුවණින් සලකා, ඇස, කන, නාසය, දිව, කය සහ මනස නැමැති ආයතන මනා කොට සංවර කර ගැනීමෙන් පීඩාකාරී, දැවිලි සහිත ආශ්‍රවයන් දුරු කරයි.
ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ ද වෙති. ඒවා සිවුපසය පරිහරණය කිරීමේ දී නුවණින් සලකා බලා ප්‍රහාණය කළ යුතු ආශ්‍රව යි. සිවුපසය පරිහරණය කරන ආර්ය ශ්‍රාවකයා ඒ පිළිබඳ නුවණින් සලකා බලා, හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණ නැති කිරීම පිණිස, මැසි මදුරු උවදුරු, අව්වෙන් හා සුළ`ගින් වන උවදුරු නැති කිරීම පිණිස, විලි වසා ගැන්ම පිණිස සිවුරු පරිහරණය කරයි. හෙතෙම නුවණින් සලකා පිණ්ඩපාතය වළඳයි. එය ක්‍රීඩා පිණිස නොවන බව, මදය වැඩීම පිණිස නොවන බව, සැරසීම පිණිස හෝ අලංකාරය පිණිස නොවන බව සිහි නුවණින් යුතුව අවබෝධ කරයි. ආර්ය ශ්‍රාවක තෙමේ, මේ සිවුපසය හුදෙක් ශරීරයේ පැවැත්ම පිණිස, යැපීම පිණිස, බඩගිනි වැළැක්වීම පිණිස, බ්‍රහ්ම චර්යාව රැකීමට අනුබල පිණිස ම යැයි නුවණින් සලකා සිවුපසය ඇසුරු කොට ජනිත විය හැකි පීඩාකාරී, දැවිලි සහිත ආශ්‍රව ධර්මයන් දුරු කරයි.
අධිවාසනයෙන් හෙවත් ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ ද වෙති. ඒවා වීර්යෙන් යුතුව මනා ඉවසීමෙන් කටයුතු කිරීම තුළින් දුරු කළ යුතුය. ආර්ය ශ්‍රාවක තෙමේ නුවණින් සලකා ශීත ඉවසන්නේ වෙයි. උණුසුම, බඩගින්න, පිපාසය, මැසි මදුරු උවදුරු, නපුරු ලෙස කියූ වචන, නපුරු ලෙස සිදුවූ ක්‍රියා ඉවසන්නේ වෙයි. හෙතෙම උපන් තියුණු වූ, රලූ වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, දිවි පැහැර ගන්නා වූ වේදනා මැදහත් සිතින් ඉවසන්නේ වෙයි. යම් හෙයකින් වෙහෙසකර, දැවිලි සහිත ආශ්‍රව උපදී ද මෙසේ ඉවසන කල එකී වෙහෙසකර, දැවිලි සහිත ආශ්‍රව දුරු වෙයි. නූපන් ආශ්‍රව නූපදියි.
පරිවර්ජනයෙන් හෙවත් සිහි නුවණින් යුතුව මග හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ ද වෙති. යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවක තෙමේ නුවණින් සලකා නපුරු ඇතුන් මග හරියි. නපුරු අශ්වයන් මග හරියි. නපුරු ගෝනුන්, නපුරු සුනඛයන් මග හරියි. හෙතෙම නපුරු සර්පයින්, උල් කටු, භයානක බෑවුම්, පර්වත ආදිය සිහි නුවණින් මග හරියි. ඉහත කී සියලූ නපුරු දෑ සමාන කරන්නේ කුමකටද? නුවණැති ආර්ය ශ්‍රාවකයා පාප මිත්‍රයන් නුවණින් සලකා මග හරියි. අයහපත මග හරියි. නුසුදුසු තැන්හි හැසිරීම මග හරියි. යම් හෙයකින් එවැනි නොගැළපෙන දෑ මග නොහරින්නේ නම් දැවිලි සහිත පීඩාකාරී ආශ්‍රව උපදියි. සිහි නුවණින් යුතුව එබඳු දේ මග හරින්නා හට වෙහෙසකර හා දැවිලි සහිත ආශ්‍රවයෝ නොවෙති.
ඉතිරි නැතිව දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ ද වෙති. ඒවා දැඩි වීර්යක් යොදා ප්‍රහාණය කළ යුතුය. යෝනිසෝ මනසිකාරයෙන් සුපෝෂිත ආර්ය ශ්‍රාවක තෙමේ නුවණින් සලකා, උපන් කාම විතර්ක සිත තබා නොගනියි, එය දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි. එවැන්නක් නැවත ඉපදීමට ඉඩ නොදෙයි. උපන්නා වූ ව්‍යාපාද විතර්ක සිත තබා නොගනියි, එය දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි. එවැන්නක් නැවත ඉපදීමට ඉඩ නොදෙයි. මේ ආකාරයෙන් උපන්නා වූ විහිංසා විතර්කය ආදී උපනූපන් ලාමක අකුසල ධර්මයන් සිත තබා නොගනියි, ඒවා දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත හට ගැනීමට ඉඩ නොදෙයි. මෙසේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව, දැඩි වීර්යක් යොදා ඉතිරි නැතිව ප්‍රහාණය කළ යුතු ආශ්‍රව දුරු කිරීමට වෙර වඩන්නහුට වෙහෙසකර, දැවිලි සහිත ආශ්‍රවයෝ නොවෙති.
සමථ විදර්ශනා භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ ද වෙති. යෝනිසෝ මනසිකාරයෙන් සම්ප්‍රයුක්ත ආර්ය ශ්‍රාවක තෙමේ නුවණින් සලකා විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැඹුරු වූ සති සම්බොජ්®ංගය වඩයි ද ධම්මවිචය සම්බොජ්®ංගය වඩයි ද වීර්ය සම්බොජ්®ංගය වඩයි ද පීති සම්බොජ්®ංගය වඩයි ද පස්සද්ධි සම්බොජ්®ංගය වඩයි ද සමාධි සම්බොජ්®ංගය වඩයි ද උපේක්ඛා සම්බොජ්®ංගය වඩයි ද එවැන්නහුට වෙහෙසකර වූ දැවිලි සහිත ආශ්‍රවයෝ නොවෙති, හට නොගනිති.
ආර්ය ශ්‍රාවක තෙමේ යෝනිසෝ මනසිකාරයෙන් සුපෝෂිතව ඉහත කී ආශ්‍රව නුවණින් සලකා ප්‍රහාණය කරයිි. සියලූ ආශ්‍රවයන්ට සංවෘත වූයේ වෙයි. හෙතෙම තෘෂAණාව සංසිඳුවා, සංයෝජනයන්ගෙන් විනිර්මුක්තව, මාන-ප්‍රහාණයෙන් සියලූ දුක් කෙළවර කොට අමා මහ නිවන් සම්පත්තියට පිවිසෙන බව ලොව්තුරා බුදු පියාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් දේශනා කොට වදාළ සේක.
(මෙම ලිපිය සම්පාදනය කිරීම සඳහා මජ්¯ම නිකායේ අන්තර්ගත සබ්බාසව සූත්‍රය ඇසුරු කෙරිණි)
තරිඳු ධනංජය වීරසිංහ
කථීකාචාර්ය
මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය