සියලුම රජයේ පාසල්වල පළමු වාර විභාග අත්හිටුවේ

සියලුම රජයේ පාසල්වල පළමු වාර විභාග අත්හිටුවේ

රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ පළමු පාසැල් වාරය තුල සෑම පාසලකම පැවැත්වෙන ක්‍රීඩා සහ භාහිර ක්‍රියාකාරකම් හේතුවෙන් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

බොහෝ සිසුන් පළමු පාසල් වාරයේ නිසි සූදානමකින් තොර ව විභාගවලට මුහුණ දෙන බවත්, ඇතැම් සිසුන්ගේ විභාග කටයුතු අතපසු වේයැයි බියෙන් ක්‍රීඩා, චාරිකා ආදියට සහභාගී නොවී සිටීමට වැඩි නැඹුරුවක් දක්වන බවත්, ඇතැම් සිසුන්ගේ දෙමව්පියන් මැදිහත්ව ඔවුන් ක්‍රීඩා කටයුතුවලින් බැහැර කරන අවස්ථා පවතින බවත් අනාවරණය වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ව්ෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් සිදුකෙරෙන පළමු පාසල් වාරය සෑම පාසලකම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට ද ඉතා කාර්යබහුල කාලවකවානුවක් බැවින් මේ කරුණු සියල්ල සලකා බලා ඉදිරියේ දී පළමු පාසල් වාරය තුළ වාර විභාග නොපැවැත්වීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

Share this: