සියලුදෙනා එකමුතුවී ලංකාව සංවර්ධනය කලයුතුයි

සියලුදෙනා එකමුතුවී ලංකාව සංවර්ධනය කලයුතුයි

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිමහතා අද (14) යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වුණි.

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා පවසන්නේ, යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාව සංවර්ධනය කිරිම සඳහා සියළු දෙනා එකමුතුව කටයුතු කිරිම අත්‍යවශ්‍ය බවයි.

තවද, ඔහු පවසන්නේ මෙරට සංවර්ධන කටයුතු සඳහා පුර්ණ සහයෝගය ලබාදෙන බවයි.
ඒ අනුව ඉන්දිය අග්‍රාමාත්‍යවරයා උතුරු පළාත් සභාව විසින් සංවිධානය කර තිබු උත්සවයකට සහභාගී වු අතර එය යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවත්වින.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙවැනි උත්සව සභාවක් සඳහා තමන්ට ආරාධනා කිරිම පිළිබඳ ඉතා සතුටට පත්වන බවයි.

තවද ඔහු සඳහන් කර සිටියේය, යාපනය පුස්තකාලය ලෝකයේ විශිෂ්ඨ පුස්තකාලයක් බවයි.

ගුවන්තොටුපලවල්, නිවාස නිර්මාණය කරන ආකාරයට පුස්තකාල නිර්මාණය කළ නොහැකි බවද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

එසේම අද දිනයේ ආරම්භ කරනු ලැබු තලෙයිමන්නාරම්තොට – මඩු අතර දුම්රිය මාර්ගය උතුරේ සංවර්ධනයට ඉතා හොඳ දායකත්වයක් ලබා දෙනු ඇති බව තමන් විශ්වාස කරන බව ඔහු එහිදි පවසා ඇත.

විශේෂයෙන්ම යාපනයේ සංවර්ධනය ලෝක සාමයට පණිවිඩයක් රැගෙන යමින් පවතින බවද ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
වසර 27 කට පසුව ඉන්දිය අග්‍රාමාත්‍යවරයකු මෙරටට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඊයේ දිනයේදී නරේන්ද්‍ර මෝඩි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මෙරට ඉහළපෙළේ නියෝජිතයින් මුණගැසි සාකච්ඡා කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා වෙත ඊයේ රාත්‍රී භෝජන සංග්‍රයක් පිරිනැමුනු අතර එහිදි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේදි ලද උණුසුම් පිළිගැනිම සහ ආගන්තුක සත්කාරය තමන්ට සුවිශේෂි අත්දැකිමක් වු බවයි.

තමා ලෝකයේ රටවල් රැසක සංචාරය කර තිබුණද ශ්‍රී ලංකා සංචාරයේදි ශ්‍රී ලංකාව සහ ජනතාව සමඟ ඇති වු බැදිම වෙනත් කිසිදු රටක් සමඟ සැසදිය නොහැකි බව ඔහු පෙන්වාදුන්නේය.

ඉන්දිය අගාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (14) රාත්‍රියේදී යළිත් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

Share this: