සුප්‍රසිද්ධ ඉන්දීය රූපවාහිනී නිළි Tunisha Sharma සියදිවි හානිකරගෙන තිබෙනවා.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රූගත කිරීමකට සහභාගී වෙමින් සිටියදී ඇය සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රූගත කිරීම් අතරතුර නාන කාමරයට යා යුතු බවත් ඇය පිටව ගිය බවත් බොහෝ වේලාවකින් ඇය ආපසු නොපැමිණි නිසා සෙසු පිරිස ඇය සොයා ගිය බවත් පැවසෙයි.
එහිදී ඇයගේ කාමරය අගුළු දමා තිබූ අතර, පිරිසක් එහි අගුල කඩා ඇතුලට ගොස් තිබෙනවා.
ඇය සිය නාන කාමරයේ ගෙල වැලලාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
20 හැවිරිදි සුරූපී ඇය ඉන්දියාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකා කිහිපයක විකාශය වූ නාට්‍යවල රඟපා ඇති අතර බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම ඇය සිටින බව පැවසේ.
Share this: