සිඟන්නී

සිඟන්නී

වැරහැළි වලින් ගත වැසි
හැඩපලූ ගෙතුන කෙහෙරැළි
දිරාගිය කෙසඟ සිරුරින්
මාවතේ යදින සිඟමන්
ඇගෙ නමයි සිඟන්නී

අැගේ යාචක දිවිය තුල
යථාර්තය මේ යයි කියාදෙන
අටලෝ දහම ඉදිරියේ
කම්පා නොවී කෙලෙසද?

වීදියේ කුණු බක්කිය තුලින්
අද ජීවිතය ගෙවා දැමු නමුත්
හෙට දිනේ ඇයට

ගත පිලි වැසුමට සළුවක්
කුස පිරෙන රස අහර වේලක්
ලැඛෙන්නේ කෙලෙසද

මගේ හදවත දවමින්
මගෙන් අසනා පැනයකි?

සංකල්පණය – එම්.එච්.එම්. අතපත්තු
462/1,
බලගොල්ල,කෙන්ගල්ල
මහනුවර

Share this: