සිගිති දැරියට හැටපැන්න වැඩිහිටියාගෙන් අතවර

සිගිති දැරියට හැටපැන්න වැඩිහිටියාගෙන් අතවර

කල්පිටිය පොලීසියට ලැබුණු තොරතුරක් අනුව වයස අවුරුදු 11 දැරියක දුෂණය කළ බව කියන 63 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය – ආන්දන්කන්නිය ප්‍රදේශයේ පදිංචි ගොවිතැන් කටයුතු කර‍න අයෙකු වන අතර, අතවරයට ලක්ව ඇත්තේද එම ප්‍රදේශයේම පදිංචි දැරිවියකි.

සැකකරු මෙම අපරාධය සිදු කරන විට අධික ලෙස බීමතින් සිට ඇත.

තමන්ගේ නිවසේ සිට මිත්තණියගේ නිවස දක්වා ගමන් කරමින් සිටි දැරිවියව සැකකරු බලහත්කාරයෙක් රැගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇත.

තවද එම දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇත.

Share this: