සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 13 සහ 14 දෙදින තුළ සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටියේ උත්සව සමයේ සැපයුම් දාම නියාමනය අධීක්ෂණය සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි.
කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවයක් ඇත්නම් ක්ෂණික ඇමතුම් අංක 1913 අමතා දැනුම් දෙන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Share this: