සිංහයන් කැන්ගරුවන්ට පරදී!

සිංහයන් කැන්ගරුවන්ට පරදී!

20/20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ(25) ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි විය.

කඩුලු 7කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කිරීමට ඔවුන්ට හැකි විය.

කාසිය වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා කාණ්ඩායමට ලබා දුන්නේය.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 157ක් රැස් කිරීමට සමත් විය.

පැතුම් නිශ්ශංක ලකුණු 40ක්  සහ චරිත් අසලංක නොදැවී ලකුණු 38ක් රැස් කිරීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16ක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 158ක් ලබා තරග ජග්‍රහණය වාර්තා කළේය.

Share this: