සිංගප්පූරුවේ නිර්මාතෘ අවසන් ගමන් යයි.

සිංගප්පූරුවේ නිර්මාතෘ අවසන් ගමන් යයි.

සිංගප්පූරු රාජ්‍යයේ නිර්මාතෘ එරට පළමු අග‍්‍රාමාත්‍යවරයා වන ලී ක්වාන් යූ මහතා අභාවප‍්‍රාප්ත වෙයි.

1923 වසරේ දී උපන් ලී ක්වාන් යූ මහතා මිය යන විට 91වැනි වියෙනි පසු විය.

සිංගප්පූරුවට බ්‍රිතාන්‍යය රජයෙන් පූර්ණ නිදහස හිමිකර දීමට ලී ක්වාන් යූ මහතා කටයුතු කරනු ලැබූ අතර, ඔහු 1959 දී අගමැති ධූරයට පත්ව 1990 වන තුරු එම ධුරයේ කටයුතු කළේය.

එම මහතා දීර්ඝ කාලයක් පුරා පැවැති රෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩාවිදි අතර සඳුදා(23) උදෑසන 03.18ට සිංගප්පූරු මහ රෝහලේ දී මිය ගිය බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය විශේෂ නිවේදනයක් කර ඇත.

තවද, ලී ක්වාන් යූ අගමැතිවරයාගේ දිගුකාලීන වැඩපිළිවෙල හේතුවෙන් සිංගප්පූරුව අග්නිදිග ආසියාවේ බලවත්ම රාජ්‍යය බවට පත්විමට හැකිවිය.

ආර්ථික, අධ්‍යාපනික මෙන්ම ක්ෂේත්‍ර රැසකින් සිංගප්පූර්ව දකුණු ආසියාවේ බලවත්ම රාජ්‍යයන් පහ අතරට පත් කිරීමට ලී ක්වාන් යූ මහතා ප්‍රබල මෙහෙයක් ඉටු කරනු ලැබීය.

ලී ක්වාන් යූ හිටපු අගමැතිවරයාගේ අභාවය වෙනුවෙන් දින 07ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ඔහුගේ දේහය දින දෙකක කාලයක් පවුලේ ඥාතීන් වෙනුවෙන් ස්තානා ප‍්‍රදේශයේ තැන්පත් කරනු ඇති අතර, දේහය දින 05ක් පුරා මහජන ගෞරවය වෙනුවෙන් එරට පාර්ලිමේන්තුවේ තැන්පත් කර තැබෙන අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 29වනදා සිදු කෙරේ.

Share this: