සෑම පාසලක්  අවටම ඇති කඩ විශේෂ පරීක්ෂාවකට

සෑම පාසලක් අවටම ඇති කඩ විශේෂ පරීක්ෂාවකට

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්, දිවයිනේ සියළුම පාසල් අසළ පවත්වාගෙන යන පෙට්ටි කඩ සහ සිල්ලර කඩ විශේෂ පරික්ෂාවකට ලක් කිරිමට තිරණය කර තිබේ.

මෙම සෝදිසි කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සිදු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

පාසල් අසළ පවත්වාගෙන යන බොහෝ වෙළඳසැල්වලින් පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලැබුණ තොරතුරු මත මෙම අලෙවිසැල් පරික්ෂා කිරිමට තීරණය කර තිබෙන අතර, මීට අදාල විශේෂ චක්‍ර ලේකයක් ඊයේ දිනයේදී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා විසින් නිකුත් කර ඇති බව සඳහන්ය.

තවද, ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට දිස්ත්‍රික් ආහාර පරික්ෂක හා මහජන සෞඛ්‍ය පරික්ෂකරු ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම්වලට වැටලීම් සඳහා බලය ලබාදී ඇති අතර ඒ සඳහා පොලිස් නිලධාරින්ගේ සහය ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබා දී තිබේ

Share this: