කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු වරකාපොළ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයෙන් පසු ඔහු වස පානය කර සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි.
කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති පීටර් හපුආරච්චි අප්‍රේල් 29 වනදා වනාතවිල්ලුව ප්‍රදේශයේ ඔහුට අයත් වතුයායක ආරක්ෂක මැදිරියක් තුළ ඝාතනය කර තිබියදී සොයා ගන්නා ලදී.
සිද්ධියෙන් පසු වතු භාරකාර යුවළ අතුරුදන්ව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණි.
පසුව පොලිසියට ලද තොරතුරක් මත භාරකරු වරකාපොළ නියදුරුපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව තහවුරු වී තිබෙනවා.
වරකාපොල පොලිසිය සමග එක්ව සිදුකළ විමර්ශනයකදී වනාතවිල්ලුව පොලිසිය විසින් පසුගිය අප්‍රේල් 29 වන දින වස පානය කර වරකාපොල රෝහලට ඇතුළත් කළ රවීන්ද්‍ර ධර්මසිරි නැමැති පුද්ගලයා මෙම ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු බව පසුව හඳුනාගෙන ඇත.
වනාතවිල්ලුව පොලිසිය විසින් සැකකරු මැයි 01 වැනිදා අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබුණි.
ඝාතනයෙන් පසු අතුරුදන් වූ බව කියන කාන්තාවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.