සැක කටයුතු කන්ටේනර් 10 ක්

සැක කටයුතු කන්ටේනර් 10 ක්

සැකකටයුතු බහලුම් 10ක් සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේ අපනයනය කිරීමට සැලසුම් කර ඇති අදාළ බහලුම් ඉතා කඩිනමින් විවෘත කර පරීක්ෂාවට ලක් කරන බවයි.

එම බහලුම් ඊයේ පස්වරුවේ විවෘත කිරීමට සැලසුම් කර තිබුණ ද පසුව එය කල් දමනු ලැබු අතර, අදාළ බහලුම්වල හිමිකරුවන් ඉදිරියේ විවෘත කිරීමට අවශ්‍ය බැවින් එය කල්දැමීමට සිදුවු බව ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම බහලුම්වල මෙරටින් අපනයනය කිරීමට තහනම් පාෂාණ ද්‍රව්‍යයක් ඇති බවට අනාවරණය වී ඇති අතර, එම පාෂාණ ද්‍රව්‍ය හොර රහසේ මෙරටින් ගෙනයාමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.

Share this: