අද අළුයම කටුනායක ගුවන් තොටුපළේ වල්ලපට්ටා තොගයක් නීති විරෝධිව ශ‍්‍රී
ලංකාවෙන් බැහැරට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු ගුවන්තෝටුපල රේගුව
විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ ගමන් මල්ලේ අදාල වල්ලපට්ටා තොගය සඟවා තිබී සොයාගෙන ඇත.
කිලෝග‍්‍රෑම් 04 යි දශම 6 ක් පමණ බරකින් යුත් මෙම වල්ලපට්ටා තොගයේ වටිනාකම
රුපියල් ලක්‍ෂ 30 ක පමණ වන බව රේගු ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා 29 හැවිරිදි අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ
පදිංචිකරුවෙකි.
Share this: