හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා ගෙවල් බිඳීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ජා ඇල පොලීසියේ සිරමැදිරිය තුළදී සියදිවි හානිකර ගෙන තිබේ.
සැකකරු ජා ඇල, ඒකලවත්තේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බව පැවසේ.
මෙම පුද්ගලයා ගෙල සිරකරගෙන ඇත්තේ ඔහු පැළඳ සිටි කලිසමේ තිබූ නූලක් පොලිස් කූඩුවේ ජනේලයක ගැට ගසා එය අධාරයෙනි.
සැකකරු ඊයේ රාත්‍රී 11.30ට පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර අද උදෑසන 5ට පමණ ගෙල සිරකරගෙන මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කරයි.
Share this: