සැකකරුවෙක් හබරකඩ දී අල්ලයි

සැකකරුවෙක් හබරකඩ දී අල්ලයි

පසුගිය දිනක මොරටුව පොලිස් වසමේ පිහිටි වැලිබල් ෆිනෑන්ස් ආයතනයට ඇතුළුවී අවි පෙන්වා බිය ගන්වා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිදියක් අනාවරණය විය.

මේ සම්බන්ධ සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙකු ඊයේ (04) දින හබරකඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට හැකිවී ඇත.

මෙම අත්අඩංගුවට ගනු ලැබු සැකකරුව මොරටුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

තවද, එම පුද්ගලයා, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ලග තිබී ටී 56ජීව උණ්ඩ 20ක් සහ ග‍්‍රෑම් 75ක් බර රන් භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 40ක් වන හෝමාගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර රැදවුම් නියෝග මත ස්ථානයේ රඳවා සිටී.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය හා මොරටුව පොලිසිය විසින්, මේ පිලිබදව වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

Share this: