පසුගිය දින බම්බලපිටිය ප්‍රදේශයේ පාසලකදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත් කර තිබේ.
පොලිසිය පැවසුවේ, සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.
මෙම මළසිරුර සොයා ගන්නා ලදේ, අදාළ පාසලේ පන්ති කාමරයක තිබී පසුගිය ඉරිදා පස්වරුවේය.
ඝාතනයට ලක්ව තිබුණේ එම පාසලේ කම්කරු සේවිකාවක් ලෙස කටයුතු කළ කිරුළපන ප්‍රදේශයේ පදිංචිකාරියක්, වන අතර, එම කාන්තාවගේ අනියම් පුරුෂයා සහ අදාළ දිනයේ පාසලේ මුරකරු ලෙස කටයුතු කළ පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Share this: