සාර්ස් වර්ගයේ තවත් වයිරසයක් චීනයෙන් පැතිරේ – ශ්‍රී ලංකාවටත් අනතුරු ඇඟවීම්!

සාර්ස් වර්ගයේ තවත් වයිරසයක් චීනයෙන් පැතිරේ – ශ්‍රී ලංකාවටත් අනතුරු ඇඟවීම්!

Wuhan pneumonia ලෙස හැඳින්වෙන ” සාර්ස්” වර්ගයේ වෛරසය මෙරට තුළ පැතිරීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා.

ඒ අදාල වෛරසය වැළඳුණු දෙවන පුද්ගලයාත් චීනයෙන් පිටතදී මියයාමත් සමගයි.

පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙම වෛරසය චීනයේ වුහාන් (Wuhan) ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ වනවිට පුද්ගලයින් කීප දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් බොහෝමයක් එම ප්‍රදේශයේ මත්ස්‍ය වෙළෙඳ සැල සමග සම්බන්ධතා පැවැත්වූ අයයි.

සාමාන්‍ය උණ තත්ත්වයක සිට මාරාන්තික සාර්ස් රෝග ලක්ෂණ දක්වා මෙම වෛරසය වර්ධනය විය හැකියි.

2002 – 03 දක්වා කාලයේදී ලොව පුරා පැතිරුණු සාර්ස් වෛරසය හේතුවෙන් පුද්ගලයින් 700ට අධික පිරිසක් මිය ගියා

Share this: