සාමූහික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ව්‍යාපාර සහ කුටුම්භ සඳහා වේදනාකාරී බවත්, ඉහළ යන උද්ධමනය සහ ආර්ථික අස්ථාවරත්වයේ විනාශකාරී බලපෑම් වළක්වා ගැනීමටත්, ආර්ථික තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමටත් එවැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ ජාතික ප්‍රතිපත්ති සම්මන්ත්‍රණයට කොළඹදී 25 වැනිදා පෙරවරුවේ එක්වෙමින් වීරසිංහ මහතා සඳහන් කළේ මෑත කාලීන ආර්ථික අර්බුද හේතුවෙන් රට තුළ ඇති වූ අවිනිශ්චිතතා සහ අස්ථාවර භාවයන් ආයෝජන සහ ව්‍යාපාරික හැඟීම් කෙරෙහි සෘජුවම බලපෑ බවයි.
උද්ධමනය සීඝ්‍ර ලෙස ඉහළ යාම ව්‍යවසායකයන්ගේ ලාභදායිත්වය ඛාදනය කළ බව පෙන්වා දුන් මහ බැංකුවේ ප්‍රධානියා ආයෝජනය කළ හැකි ලාභ අඩුවීම හේතුවෙන් නව ආයෝජනවලට බාධාවක් වූ බවද අවධාරණය කළේය.
Share this: