සාමාන්‍ය මගී ගුවන්යානයකින් ජනාධිපති බ්‍රිතාන්‍ය බලා යයි

සාමාන්‍ය මගී ගුවන්යානයකින් ජනාධිපති බ්‍රිතාන්‍ය බලා යයි

අද(07) පෙරවරුවේ තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාබි‍්‍රතාන්‍ය බලා පිටත්ව ගියේය.

එමෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙම සංචාරයට එක් වන්න අරමුණ වන්නේ, බි‍්‍රතාන්‍ය මහරැජිණගේ ප‍්‍රධානත්වයෙන් එළඹෙන සඳුඳා(09) පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙලට සහභාගි වීම වේ.

තවද ජනාධිපතිවරයා එම උළෙලට එක්වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙසින්ය.

සාමාජිකයින් 6දෙනෙකු පමණක් ඇතුළත් දූත පිරිසක් ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්වේ.

තවද ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිටව ගියේ සාමාන්‍යමගී ගුවන්යානයක් වන එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ. කේ.651 දරණ ගුවන්යානයකිනි. එම ගුවන්යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් උදැසන 10.10ට ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

ඩුබායිවලින් පසු ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස වෙනත් ගුවන් යානයකින් ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

Share this: