සාදා නිමකිරීමට සැරසෙන ලොව විශාලතම පෞද්ගලික නෞකාව ” Triple Deuce ”

සාදා නිමකිරීමට සැරසෙන ලොව විශාලතම පෞද්ගලික නෞකාව ” Triple Deuce ”

සැකසුම සී. එදිරිමාන්න
පවුම් මිලියන 788ක වියදමක් දරා මීටර් 222ක දිගකින් යුතුව ඉදිකිරීමට සැරසෙන ” Triple Deuce  ” ලෙස හඳුන්වන මෙම නෞකාවේ වැඩ අවසන් වන විට එය මෙතෙක් ඉදිකර ඇති මිල අධිකම මෙන්ම ලොව විශාලතම පෞද්ගලික නෞකාව වනු ඇත.
    මෙය මහල් 7කින්ද, පිහිණුම් තටාක 2කින්ද, බහු උණුසුම් තටාක හා වර්ග මීටර් 275ක වපසරියකින් යුතු ප්‍රභූ පන්තියේ කාමර වලින් ද යුතුව සෑදීමට සැලසුම් කර තිබේ.
    මෙහි මෙහෙයුම් පිරිවැය සඳහා පමණක් වසරකට ඩොලර් මිලියන 30 පමණ වේ.  CNNහි වාර්තා වල දැක්වෙන්නේ එය බ්‍රිතාන්‍ය වර්ජිනියා දූපත් හා බටහිර සහරා ප්‍රදේශවල වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයටත් වඩා වියදම්කාරී වනු ඇති බවයි.
   කෙතරම් විශාල වුවත් මෙහි රැගෙන යාහැකි අමුත්තන් සංඛ්‍යාව 36ක් පමණ කිරීමටත්, කාර්ය මණ්ඩලය ද ඇතුළුව ගත් විට 70කට මෙහි පහසුකම් සැලසීමටත් ඔවුන් බලාපොරොත්තු වේ.
    මෙම  නෞකාවේ හිමිකරු තවමත් හෙළිදරව් වී නැත. නමුත් මෙහි හිමිකරු සඳහා වර්ග මීටර් 275ක් තුල කාර්යාල කාමර, කෑම කාමර, පෞද්ගලික කාය වර්ධන ඒකක හා හෙලිකොප්ටර් ගොඩබැස්විය හැකි ඒකකද,  අමුත්තන් සඳහා ගෘහස්ථ මෙන්ම එළිමහන් බහු උණුසුම් තටාකද වලින් යුතුව සුඛෝපභෝගී පහසුකම් යටතේ ඉදිකිරීමට පියවර ගෙන තිබේ.
    Triple Deuce නෞකාවේ උපරිම වේගය පැයට නාවික සැතපුම් 30 (35mph ) කට අධික වනු ඇති. ඒ සඳහා අශ්වබල 100,000 කට වඩා වැඩි ත්‍රිත්ව වායු ටර්බයින එන්ජින් වලින් බලය ලබා දෙනු ඇත.
    මෙම ව්‍යාපෘතියේ නියෝජිතයෙක් වන ක්‍රිග් ටිම් මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි මාස 12 ඇතුලත යුරෝපීය නැව් තටාංගනයේ දී මෙහි වැඩකටයුතු ආරම්භ කරන බවත්, වසර 3ක් පමණ ගතවන ඒ සඳහා 500ක් පමණ වන රැකියා අවස්ථා ගොඩනැගෙනු ඇති බවත් ය. ඔහු වැඩිදුරටත් කියා තිබුණේ මෙය ලොව උසම ගොඩනැඟිල්ල ඉදිකිරීමේ තරඟය වැනි අවස්ථාවකට සමාන වනු ඇති බවයි.
    ලෝකයේ සුපිරි ධනවතුන් අතර ඇතිවන නව තරඟකාරී අවස්ථාවක්  ලෙස මෙම Triple Deuce නෞකාව හැදින්විය හැක
Share this: