සාගල රත්නායකගේ ව්‍යාජ අත්සන සහිත ලිපි යැවූ පොලිස්පතිවරයා

සාගල රත්නායකගේ ව්‍යාජ අත්සන සහිත ලිපි යැවූ පොලිස්පතිවරයා

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස සකස් කළ පොලිස් පරීක්ෂකවරයකු මැයි 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක දී පොළොන්නරුව පොලිසියට අනුයුක්තව සේවය කරන 55 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකාර පොලිස් නිලධාරියා සාගල රත්නායකගේ මුවාවෙන් උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිපියක් යවා පොලිස් නිලධාරීන් 14 දෙනෙකු විවිධ පොලිස් ස්ථානවලට මාරු කරන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

Share this: