ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාට එරෙහි චෝදනා පත්‍ර සංශෝධනයක්

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාට එරෙහි චෝදනා පත්‍ර සංශෝධනයක්

2019 වසරේ පැහැර ගැනීමට ලක් වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට එරෙහිව ගොනු කර ඇති චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට කොළඹ මහාධිකරණය නීතිපතිවරයාට අවසර ලබා දී තිබේ.

අදාළ නඩුව මැයි 03 වැනිදා පෙරවරුවේ අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් වලල්ල මහතා විසින් මෙම අධිකරණ නියෝගය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව ෆ්‍රැන්සිස්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා පත්‍රය සංශෝධනය කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමට විනිසුරු වලල්ලේ අනුමැතිය ලබාදුන් අතර, අනතුරුව නඩුව ජුනි 15 වැනිදා විභාගයට ගැනීමට තීරණය විය.

Share this: