සහරාන්ගේ තවත් කඳවුරක් හමුවෙයි

සහරාන්ගේ තවත් කඳවුරක් හමුවෙයි

සහරාන් හෂිම්ගේ තවත් කඳවුරක් මූතූර් ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

ඒ පාස්කු ප‍්‍රහාරයෙන් වසරකට පසුවයි.

මෙය සොයාගෙන ඇත්තේ ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සාදික් නමැති ප‍්‍රධාන පෙළේ සැකකරුවෙකුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුවයි.

සාදික් නමැත්තා මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ ප‍්‍රධාන චූදිතයෙක් වන අතර ඔහු 2014 දී තුර්කිය හරහා සිරියාවට ගොස් IS පුහුණුව ලබා ඇති බවයි මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ.

අක්කර 15 ක භූමි භාගයක ගොවිපොළක් ලෙස ඉතා රහසිගතව මෙම කඳවුර පවත්වාගෙන ගොස් ඇති අතර අදාළ ඉඩම මාවනැල්ල ප‍්‍රදේශයේ පූජකයෙකුට අයත් බව හෙළි වී තිබෙනවා.

මෙම කඳවුරේදී මාවනැල්ල ප‍්‍රදේශයේ තරුණයන් 5 දෙනෙකු අවි පුහුණුව ලබා ඇතැයි සඳහන්. ඔවුන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share this: