සහය මෛත්‍රීටද? මහින්දටද?

සහය මෛත්‍රීටද? මහින්දටද?

ආණ්ඩුවේ ඇමති ධූර ලබාගෙන සිටි ඇමතිවරු සිව්දෙනෙක් ඊයේ (21) එම තනතුරුවලින් ඉවත් විය.

ඔවුන් එම තනතුරු ලබගතේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහය ලබාදෙන බව පවසාය.

නමුත් ඔව්න් දැන් සහය ලබාදෙන්නේ වත්මන් ජනපතිටද එසේත් නැතිනම් හිටපු ජනපතිටදැයි තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රශ්න කරයි.

ඩිලාන් පෙරේරා, පවිත්‍රා වන්නිආරච්චි, සී.බී රත්නායක හා මහින්ද යාපා අබේවර්ධන යන අද ඇමති තනතුරු වලින් ඉවත් වන බව මාධ්‍ය හමුවක් පවත්වා හෙළි කිරීමෙන් පසු ඔවුන්ගේ ඉවත්වීම ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව විමසා සිටියි.

තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් නිකුත් කළ එකී මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

statment

Share this: