සහය දැක් වූ සියල්ල ජනපති හමු වෙයි

සහය දැක් වූ සියල්ල ජනපති හමු වෙයි

පසුගිය 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට සහාය දැක්වූ සිවිල් සංවිධානවල නායකයින් හා ක්‍රියාකාරිකයින් පසුගිය (04) රාත්‍රීයේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු විය.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුලූ භික්ෂූන් වහන්සේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් ඇතුලූ 2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් සහාය දැක්වූ සිවිල් සංවිධාන නියෝජනය කරමින් ඒවාහි නායකයින් සහ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Share this: