අතුරු අයවැයෙන් ලබාදුන් භාණ්ඩ වල මිල අඩු වීමේ සහනය වෙළඳපොළ තුළ ක්‍රියාත්මක නොකරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්. ඒ. ඩග්ලස් මහතා කියා සිටියේ අතුරු අයවැයෙන් ජනතාවට ලබාදුන් සහනය ඒ අයුරින්ම ලබාදීමට ඇතැම් වෙළඳුන් ක්‍රියා නොකරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.
අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම දැනටමත් ආරම්භකර ඇති බව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Share this: