සවුදි රියාල් 68,000ක වන්දියක්, ශ්‍රී ලාංකික කතකට ලැබෙන ලකුණු

සවුදි රියාල් 68,000ක වන්දියක්, ශ්‍රී ලාංකික කතකට ලැබෙන ලකුණු

වසර 13 ක කාලයක් කිසිදු ගෙවීමක් සිදු නොකරව, ගෘහ සේවයේ යෙදවූ ශ්‍රී ලාංකික කාන්තාවකට සවුදි රියාල් 68,000 ක වන්දියක් ගෙවන ලෙසට සවුදි අරාබියානු ජාතිකයෙකුට එරට මහාධිකරණයක් විසින් නියෝග කර තිබේ.

තවද මිට අමතරව අදාළ කාන්තාව ආපසු යළි ශ්‍රී ලංකාවට යැවීම සඳහා ගුවන් ගාස්තු ද ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇත.

මෙම 59 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචිකාරියක වන කාන්තාව මසකට සවුදි රියාල් 400 ක වැටුපක් සඳහා සවුදි අරාබියට පැමිණ ඇති බව සඳහන්ය.

අදාළ කාන්තාව සේවයට පැමිණි දිනයේ සිට කිසිදු වැටුපක් ලබා දී නොමැති බවට සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට තොරතුරු ලැබී තිබුනි.

ඒ අනුව අදාළ සවුදි අරාබියානු ජාතිකයා එරෙහිව මහාධිකරණයක් හමුවේ නඩු පවරා තිබුණි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මහාධිකරණයේ තීන්දුවට එරෙහිව එම සවුදි අරාබියානු ජාතිකයා විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයි.

Share this: