සල්ලාල ගුරුවරයා අත්අඩංගුවට

සල්ලාල ගුරුවරයා අත්අඩංගුවට

මස්කෙළිය, වතුපාසැලක 10 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් සිව්දෙනෙකු අපයෝජනය කිරීමට තැත්කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසැලේ ගුරුවරයෙකු මස්කෙළිය පොලීසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව එම සිසුවියන් හා සිසුවින්ගේ දෙමාපියන් විසින් මස්කෙළිය පොලීසියේ පැමිණිල්ලක් කර අතේ, ඊයේ පස්වරුවේ එම පාසැලේ සිසුවියන්ට එකී ගුරුවරයා ඔහුගේ නිවසේ අමතර පංතියක් පවත්වන අවස්ථාවේ මෙම සිසුවියන් සිව්දෙනාව අපයෝජනය කළ බවටයි.

අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා අද (29) හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන අතර, එම සිසුවියන් සිව්දෙනා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවත්, මස්කෙළිය පොලීසිය පවසයි.

තවද මෙම සැකකරු නෝර්වුඩ් ප‍්‍රදේශයේ පදිංචි විවාහකයෙකු බව සදහන්වේ.

Share this: