සල්ලාල කොස්තාපල්ට වැඩවරදියි

සල්ලාල කොස්තාපල්ට වැඩවරදියි

තරුණියකට ලිංගික අතරවර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ති‍බේ.

මෙම සිදිය වී අතේ, මාතලේ, ඇල්ලවල ප්‍රදේශයේදී බස් රථයක් තුළදී බව පැවසේ.

මාතලේ පොලිසියට අදාළ තරුණිය කරන ලද පැමිණිල්ලක් මත සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඔහු මාතලේ දිසා බුද්ධි කාර්යංශයට අනුයුක්තව සේවය කළ අයෙක් වන අතර, ඔහුගේ සේවය ඊයේ දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

තවද සැකකාර කොස්තාපල්වරයා මාතලේ ඇල්ලවල පදිංචි 35 හැවිරිදි අයෙකු බව වාර්තා වේ.

Share this: