ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අද සවස අධ්‍යාපන කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතා පාගමනක් විෙජ්රාමේ සිට ආරම්භ කළ අතර ඔවුන් පා ගමනින් හයිලෙවල් මාර්ගය ඔස්සේ පැමිණ කොල්ලූපිටියට ගොස් අරලියගහ මන්දිරය දෙසට යන්නට උත්සාහ කරන අවස්ථාවේ මාර්ග අවහිර වුණ අතර ඔවුන්ට ඉවත්වන්නට කළ ඉල්ලීමට ඇහුම් කන්නොදීම නිසා මාර්ගය හරස් කර සිටි පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබුණා.
ඒ අවස්ථාවේ ගල් මුගුරු වලින් සිසුන්ද පොලිසියට ප්‍රතිප්‍රහාර දියත් කිරීම නිසා ඇතිවූයේ උණුසුම් තත්වයකි.
තුවාල ලැබූ පොලිස් පරීක්ෂක වරයෙකු ඇතුළු නිලධාරීන් 7 දෙනෙකු රෝහල් ගත කර ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ සිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත. සිද්ධිය නිසා අද කාර්යාල අවසන් වන වේලාවේ කොළඹ අධික රථවාහන තදබදයක්ද පැනනැගුණි.
ඡායාරූප – ඩෙයිලි මිරර්.
Share this: