ධනුන තිලකරත්නගෙන් ඊයේ (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ඔව්හු ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක, ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බෑණනුවන් වේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අධිකරණය මගින් ලබාදුන් නියෝගයකට අනුවය.
ධනුන තිලකරත්නට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබුනේ, සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ධුරය දැරූ සමයේ යුධ හමුදාවට උපකරණ මිල දී ගැනීමේ දී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙනි.
Share this: