සරත් වීරසේකර බිත්තරයක් රුපියල් 5කින් වැඩි කරන්න තීරණය කරයි!

සරත් වීරසේකර බිත්තරයක් රුපියල් 5කින් වැඩි කරන්න තීරණය කරයි!

සරත් වීරසේකර මහතා කැබිනට් අනුමැතිය මත පත් කළ ආහාර ප්‍රතිපත්ති කමිටුවේ සාකච්ජාවන්ට සහභාගී වී ඇති අතර   පාලන මිලද ඉක්මවා යන ආකාරයට බිත්තරයක මිල රුපියල් 5කින් වැඩි කරන ලෙස ඔහු උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

සරත් විරසේකර මහතා ලේකම්වරුන්ගෙන් සැදුම්ලත් කමිටුවකට  සම්බන්ධ වී මෙවැනි ඉතා සංවේදී තීරණයක් ගත්තේ කෙසේදැයි ප්‍රශ්නයක් මතුවී තිබේ.

අසරණ මිනිස්සුන්ගේ පැත්ත නොගෙන සරත් වීරසේකර මහතා බිත්තර නිෂ්පාදකයින්ගේ පැත්ත ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් දැඩි අප්‍රසාදය පළ කර ඇත.

Share this: